මාළු ඇතිකරන්න පටන්ගන්න කලින්...


ඔන්න එහෙනම් මම හිතන්නම් ඔයා කවදාවත් මාළු ඇතිකරල නෑ කියල. එහෙම හිතල මුල ඉඳලම පටන්ගන්නම්කො.

ඉතිං මේ සුරතල් මසුන් ඇතිකරනව කියනඑක හරිම ලේසියි වගේ පෙනුනට හිතන තරම්නම් ‍ලේසි නෑ. ඒකට යම් දැනුමක් තියෙන්නම ඕන. ඒ දැනුම පොත පතින් ලබාගත්තත් අත්දැකීමෙන් ලබාගන්න දැනුම තමයි ඉතිං අංක එක හොදද! පීනන්න නම් වතුරට බහින්නම වෙනවනෙ!! අන්න ඒ වගේ තමයි මේ සුරතල් මසුන් ඇතිකරීම කියල කිය‍න්නෙත්. තමන්ගෙ අත්දැකීමෙන්ම පරිණත වෙන්න අවශ්ය සබියක් තමයි ඉතිජ මේක.


එහෙනම් අපි මුලින්ම බලමු ඇයි අපි සුරතල් මසුන් ඇතිකරන්නෙ කියල. මම එහෙම ඇහුවොත් ඔයා එකපාරටම කියයි "ආසාවට" කියල. ඔව් අපි සුරතල් මසුන් ඇතිකරන්නෙ ආසාවට තමයි. ඔය ආසාව නිසා අපිට නොදැනීම ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තියනව.


ඔයා අහල තියනවද දන්නෙ නෑ, මාළු එහෙ මෙහෙ පීව පීන කෙලිදෙලෙන් ඉන්න මාළු ටැංකියක් දිහා බලන් ඉන්න එක මානසික සෞඛ්‍යට හ‍ොදයිළු. ගෝල්ඩ්ෆිෂ් වගේ හෙමින් එහෙ මෙහෙ යන මාළු දිහා බලන් ඉන්න එක අධික රුධිර පීඩනයට කියාපු බෙහෙතක්ලු. ආපහු කාලයක් යනකොට මේකෙන් පොඩියට බිස්නස් එකක් පටන් ගන්නත් පුළුවන්. අනිත්එක අපි මාළු ටැංකිය ලඟට යනකොට තමන්ගෙ ස්වාමිය තමයි මේ ආවෙ, දැං කෑම දායි කියල බලාපොරොත්තුවෙන් මාළු ටැංකියේ උඩට ඇවිත් එ‍හෙ මෙහෙ කැරකෙනකොට හිකට මොන තරම්නම් සතුටක් දැනෙනවද! ඉතිං ඔයා මාළු හදන්න පටන්ගන්නකොටම සමහර පණ්ඩිතයො මෙහෙම කියයි,


"අනේ ඉතිං අපේ හිතේ හොදට කියල මේ සත්තු කොටුකරන් ඉන්න එක හොදද! ඒක මහ පවක්! ඊපලඟ අාත්මෙදි අපිටත් ඔය විදිහටම විඳවන්න වෙනව! අනේ ඔීව නිකන් දෙක වසරෙ පොඩි එවුන්ගෙ වැඩ! ඔය පිස්සුව නවත්තල ඉගෙනගන්න, නැත්තන් එක්සෑම් ෆේල් වෙලා තමයි නවතන්නෙ" ඔන්න ඔය වගේ කතා. හැබැයි ඉතිං ඒව අහල ඔයා මාළු හදන එක නවත්තයි කියල හිනතනවනම් මම දැන්ම එකක් කියන්නම්, ඔයාගෙ බ්‍රවුසර් එගේ උඩ කෙලවරේ මේ බ්ලොග් එක ඕපන් වෙලා තියන ටැබ් එක දැන්ම ක්ලෝස් කරන්න. ආපහු කවදාවත් මේ බ්ලොග් එකට එන්න එපා! මොකද මම අත්දැකීමෙන්ම දන්නව ඔය කියන කතා කිසි තේරුමකට නැති දේවල් කියල.



ඒ කියන්නෙ ඔයා මාළු ඇතිකරන්න පටන් ගන්නවනම් එක එක්කෙනාගෙ කතා අහල එ් කරන වැඩේ නවත්තන්න එපා! අනිත් එක සමහර විට මාළුවෙක් දෙන්නෙක් මැරෙයි. ඒත් ඒව ගනන් ගන්නත් එපා. ඒ වෙලාවට ඒකට හිත අවුල් කරගන්නෙ නැතුව එහෙම වෙන්න හේතුව මොකක්ද කියල කල්පනා කරල වැරැද්ද හොයාගන්න. අන්න ඒකට තමයි කියන්නෙ අත්දැකීමෙන් ඉගෙනගන්නව කියල! ඊලඟ වතාවෙ ඒ වැරැද්ද නෙකර ඉන්න වගබලාගන්න ඔයාට එතකොට පුළුවන් වෙයි. ඒ කියන්නෙ මේ ‍වැඩේ සක්සස් කරගන්නනම් ඔයාට හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න පුරුදුවෙන්නම වෙනව.


දෙවෙනි කාරණාව තමයි ඔයා ගේන පලවෙනි මාළු ජෝඩුවත් එක්ක ඔයා අරමුණකුත් අරගෙන එන්න. නැත්තන් අරමුණක් නැතිව කරන වැඩක් නිසා ඔයාට ටික දවසකින්ම මාළු හැදිල්ල එපාවෙලා යයි. මම මේ මාළු දෙන්නගෙන් අනිව පැටව් ගන්නව, මම මේ මාළු දෙන්න අඩියක් ලොකු කරවනව, මම මේ මාළු දෙන්නට අතින් කෑම දෙන්න තරම් ෆිට් කරගන්නව, වගේ ගෝල් එකක් මේ වැඩේට මරු.
තුන්වෙනි කාරනේ තමයි අඩුම තරමෙ දවසකට විනාඩි පහක් දහයක්වත් මාළුත් එක්ක ඔයාට ඉන්න බැරිනම් මාළු ඇති නොකර ඉන්න එක තමයි මමනම් හිතන විදිහට වැඩියම හොඳ!


ඉතිං මම කියපු විදිහට ඔයාට ඉන්න පුළුවන්නම් ඊලඟ පෝස්ට් එකත් කියවන්න. ආ....... එහෙනම් මාළු හඳන්න පටන්ගන්න හොදද.


ඊලඟ විස්තරත් එක්ක  එහෙනම් ඉතිං ඊලඟ පෝස්ට් එකෙන් හම්බෙමුකො.


1 comment: